Covid එන්නත් මිශ්‍ර කර භාවිතයට කැනඩාවේ අනුමැතිය හිමිවෙයි

Covid එන්නත් මිශ්‍ර කර භාවිතයට කැනඩාවේ අනුමැතිය හිමිවෙයි
පළමු සහ දෙවැනි මාත්‍රා සඳහා විවිධ කොවිඩ් එන්නත් මිශ්‍ර කර භාවිතයට කැනඩාවේ අනුමැතිය හිමිව තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
ඒ අනුව කැනඩාව සිය මාර්ගෝපදේශ වෙනස් කරමින් කොවිඩ් මර්දන එන්නත්කරණයේ දෙවැනි මාත්‍රාව ලෙස වෙනත් එන්නතක් භාවිත කිරීමට කටයුතු කරනු ඇති.
 
කෙසේ වෙතත් ගුණාත්මක පර්යේෂණ මත පදනම්ව කැනඩා රජය මෙලෙස එන්නත් මිශ්‍රකිරිමට අවසර ලබා තිබේ.
 
ඒ අනුව ඇස්ට්‍රාසෙනෙකා, ෆයිසර් හෝ මොඩර්නා එන්නත්කරණය පළමු හා දෙවැනි මාත්‍රාව වශයෙන් මිශ්‍ර කිරීමට අනුමැතිය ලබා දී ඇත.
 

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ කැනඩාවේ යම්කිසි පුද්ගලයකුට කොවිඩ් මර්දන එන්නත්කරණය සඳහා ඇස්ට්‍රාසෙනෙකා භාවිත කළ ද, දෙවැනි මාත්‍රාව ලෙස මොඩර්නා හෝ ෆයිසර් එන්නත්කරණය කිරීමට හැකියාව ලැබෙයි.