බ්‍රිතාන්‍ය මුල්වරට හඳුනාගත් "ඇල්ෆා" වෛරසය හොංකොං වලින් හමුවෙයි

බ්‍රිතාන්‍ය මුල්වරට හඳුනාගත් "ඇල්ෆා" වෛරසය හොංකොං වලින් හමුවෙයි

බ්‍රිතාන්‍යයෙන් මුල් වරට හඳුනාගත් ඇල්ෆා වෛරස ප්‍රභේදය තම රට තුළදී ආසාදනයට ලක්වූ පුද්ගලයෙක් හඳුනාගත් බව හොංකොං සෞඛ්‍ය බලධාරීන් පවසයි.

ආසාදිතයා මෑතකදී විදෙස් රටක සංචාරය නොකළ 17 හැවිරිදි සිසුවෙකි.

ඇල්ෆා වෛරස ප්‍රභේදය දේශීයව සම්ප්‍රේශණය වූ පළමු අවස්ථාව මෙය බවද හොංකොං සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කරයි.

ඉහළ සම්ප්‍රේශණ හැකියාවකින් යුත් ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදය රට තුළ තර්ජනාත්මක අයුරින් පැතිර යමින් ඇති බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය විශේෂඥයන් පවසයි.

මේ තත්ත්වය පාලනයට නම් මහපරිමාණයෙන් කොවිඩ් මර්දන එන්නත්කරණය සිදුකළ යුතු බව ඔවුන්ගේ අදහසය.

එමෙන්ම ඇතැම් කොවිඩ් පාලන සීමා තවදුරටත් පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳවත් සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.