චීනය යළිත් නොසන්සුම් -අලුත් කොවිඩ් පොකුරක් ගැන අනතුරු හැඟවීමක්

චීනය යළිත් නොසන්සුම් -අලුත් කොවිඩ් පොකුරක් ගැන අනතුරු හැඟවීමක්
නව කොවිඩ් පොකුරක් පැතිර යමින් ඇති චීනයේ ග්වැන්ජෝ නගරයේ මහපරිමාණ කොවිඩ් පරීක්ෂණ වැඩසටහනක් ආරම්භ කර ඇති බව විදෙස්  මාධ්‍ය වාර්තාකර තිබේ.
 
චීනයේ දකුණුදිග ග්වැන්ජෝ නගරයේ කලාප 11 තුළ පසුගිය මැයි 21 වනදා සිට නව කොවිඩ් පොකුරක් ව්‍යාප්ත වෙමින් ඇති බව අනාවරණයකරගෙන තිබෙන අතර ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මහපරිමාණ කොවිඩ් පරීක්ෂණ වැඩසටහනක් ආරම්භ කිරීමට බලධාරීන් කටයුතු කර ඇත.

 

නව පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 73 දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ අතරින් 12 දෙනෙකුම කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකිරීම විශේෂත්වයකි.

වෛරසය තවදුරටත් පැතිරීම පාලනය කිරීම සඳහා ඇතැම් ප්‍රදේශවලට නව සංචරණ සීමා පනවා තිබෙන බවත් සඳහන්.