"ශ්‍රී ලංකාව" - බ්‍රිතාන්‍යයේ රතු ලැයිස්තුවට

"ශ්‍රී ලංකාව" - බ්‍රිතාන්‍යයේ රතු ලැයිස්තුවට

 

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ බ්‍රිතාන්‍යය මගින් ශ්‍රී ලංකාව රතු ලැයිස්තුවට ඇතුළත් කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව බ්‍රිතාන්‍යය රජය විසින් එරට පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ අත්‍යවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙසයි.

එමෙන්ම අත්‍යවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවෙන් පැමිණ බ්‍රිතාන්‍යයේ සංචාරය නොකරන ලෙසත්, එලෙස සංචාරය කරන්නේ නම් නියමිත මුදල් ප්‍රමාණය ගෙවා එරට හෝටලයක නිරෝධායනයට යොමු වීම අනිවාර්යය බවත් බ්‍රිතාන්‍යය පවසයි.

මෙම නව නීතිය ලබන 08 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග වලින් වාර්තාවේ.

ශ්‍රී ලංකාවට අමතරව ඇෆ්ඝනිස්ථානය, බහරේනය, ඊජිප්තුව, සුඩානය, කොස්ටාරිකා, සුඩානය සහ ට්‍රිනිඩෑඩ් සහ ටුබැගෝ යන රට වලටද මෙම නීතිය බලපැවැත්වේ.

මේ, එංගලන්තයේ ලන්ඩන් නුවර සිට වාර්තාවක් ගෙන එන 'නෙත් නිවුස්' වාර්තාකරු ජනක අලහප්පෙරුම.

https://soundcloud.com/assetnews-cut/london-janaka-01?utm_source=theleader.lk&utm_campaign=wtshare&utm_medium=widget&utm_content=https%253A%252F%252Fsoundcloud.com%252Fassetnews-cut%252Flondon-janaka-01

 (ද ලීඩර්)