ඕස්ට්‍රේලියාවේ කොවිඩ් ආසාදිතයින් තවත් ඉහළ යයි -රටම අවදානමක

ඕස්ට්‍රේලියාවේ කොවිඩ් ආසාදිතයින් තවත් ඉහළ යයි -රටම අවදානමක

2021 වසර තුළ පළමුවරට ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් වෛරස ආසාදිතයන් හඳුනාගනිමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර  වසංගතය හොඳින් පාලනය කරමින් සිටි ෆිජී දූපත් මේ වනවිට දරුණු ලෙස වසංගතයට ගොඳුරු වෙමින් සිටින බවයි අනාවරණය කර ඇත්තේ.

කොවිඩ් වසංගතයේ මුල් අවදියේදී සිය දේශ සීමා වසාතබමින් වසංගතය හොඳින් පාලනය කරගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වූ නමුත් අදවනවිට ෆිජී දූපත් හි කොවිඩ් ආසාදන ඉහළ යාමක් පෙන්නුම් කරන බව විදෙස් පුවත් සේවා සඳහන් කරයි.

මේ අතර කොවිඩ් වසංගතයට යළි ගොඳුරු වෙමින් සිටින ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (28) දිනයේදී තවත් ආසාදිතයන් 19 දෙනෙක් හඳුනාගෙන තිබේ.

එමෙන්ම කොවිඩ් මර්දන එන්නත් මිශ්‍ර කර සහ ගැලපුම් සිදුකර ලබාදීමෙන් වෛරසයට එරෙහිව වැඩි ආරක්ෂාවක් ලබා ගතහැකි බව එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් සරසවිය අනාවරණ කර ඇත.

ඉන් පෙන්වාදෙන්නේ, ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන සති 4කට පසු දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමෙන්, ඇස්ට්‍රාසෙනෙකා එන්නතම ලබාදෙනවාට වඩා සාර්ථක ප්‍රතිශක්තීකරණ ප්‍රතිචාර පෙන්වා ඇති බවය.