කොවිඩ් පාලනයට සිංගප්පූරුවෙන් නව සැලැස්මක්

කොවිඩ් පාලනයට සිංගප්පූරුවෙන් නව සැලැස්මක්

සිංගප්පූරුව කොවිඩ් වසංගතය කළමනාකරණයට නව සැලසුමක් සකස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොවිඩ් වසංගතය වඩාත් සාර්ථකව පාලනය කළ රටක් වන සිංගප්පූරුව, වසංගතය කළමනාකරණයට නව සැලසුමක් සකස් තිබේ.

ඒ අනුව කොවිඩ් වෛරස වසංගතය උණ රෝග වැනි වෙනත් රෝග ගණයේ ලා සැලකීමට ඔවුන් කටයුතු කරනු ඇත.

කොවිඩ් වසංගතය කිසිදා තුරන් නොවුන ද එය සමග සාමාන්‍ය අයුරින් ජීවත් විය හැකි බව එරට බලධාරීන් නව සැලසුමෙන් පෙන්වාදෙයි.

ඊට අනුව වෛරස සම්ප්‍රේෂණ ශුන්‍ය කිරීමේ ඉලක්කයක් නොමැති අතර සංචාරකයන් නිරෝධායනය සහ ආසාදිතයන්ගේ සමීප ආශ්‍රිතයන් හුදකලා කිරීමත් සිදු නොකෙරේ.

සිංගප්පූරුව ඉදිරියේදී දෛනික ආසාදිතයන් නිවේදනය නොකිරීමටත් තීරණය කර තිබේ.