අධික උෂ්ණත්වය නිසා කැනඩාවේ පුද්ගලයින් රැසක් මරුට

අධික උෂ්ණත්වය නිසා කැනඩාවේ පුද්ගලයින් රැසක් මරුට

කැනඩාවේ මෙතෙක් දින ගණනක් එක දිගට වාර්තා වී ඇති සෙන්ටිග්‍රේඩ් අංශක 49.5ක් වන වැඩිම උෂ්ණත්වය හේතුවෙන් පෙරේදා වන විට පුද්ගලයන් 130කට අධික පිරිසක් මියගොස් ඇතැයි එරට පොලිසිය නිවේදනය කර ඇත. කෙසේ වෙත් මිය ගිය අයගෙන් බහුතරය වැඩිහිටියන් හෝ රෝග තත්ත්වවලින් පෙළෙමින් සිටි බව පැවැසේ. වැඩිම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ බ්‍රිටිෂ් කොලොම්බියාවේ ලයිටන් නගරයේය. එරට උෂ්ණත්වය මෙවැනි දිනවල වෙනදාට සෙන්ටිග්‍රේඩ් 45ට වඩා ඉහළ නොගියේය. වයඹ දිග අමෙරිකාවේ සහ කැනඩාවේ ඇති වූ අධි පීඩන තත්ත්වය මෙසේ උෂ්ණත්වය ඉහළ යෑමට හේතු වී ඇතැයි වාර්තා වේ.

බටහිර කැනඩාවේ පොලිසිය ප්‍රකාශ කළේ හදිසි මරණ රැසක් වාර්තා වන බවය. බ්‍රිටිෂ් කොලොම්බියානු නගරයේ පාසල් සියල්ල වසා දමා ඇති අතර, නගරවාසීන්ට නිවාසවලින් පිටතට නොයන ලෙස අනතුරු අඟවා තිබේ. එරට බර්න්බේ නගරයේ පොලිසියට ගත වූ පැය විසිහතරේදී පමණක් හදිසි මරණ 25කට අධික සංඛ්‍යාවක් සම්බන්ධව දුරකතන ඇමැතුම් ලැබී තිබේ.