කොවිඩ් රීති ලිහිල් කිරීමට බ්‍රිතාන්‍යය අලුත් තීරණයක

කොවිඩ් රීති ලිහිල් කිරීමට බ්‍රිතාන්‍යය අලුත් තීරණයක

බ්‍රිතාන්‍යය සම්පූර්ණයෙන්ම වසාදැමීමේ තීරණය ලිහිල් කිරීම සදහා සැලසුම් සකස්කරමින් සිටින බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

එම තීරණයට අනුව ලබන 19 වනදා සිට දැනට පවතින සංචරණ සීමාවන් ලිහිල්කිරීම සම්බන්ධයෙන් සලකාබලමින් සිටින බවයි අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා සඳහන් කර ඇත්තේ.

කෙසේවෙතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉදිරියටත් අනුගමනය කළයුතු බව බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා පෙන්වා දී තිබෙයි.

බ්‍රිතාන්‍ය තුළ දැනට ක්‍රියාත්මක සීමාවන් ලිහිල්කිරීම හේතුවෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාවේ සහ ආසාදිත මරණ සංඛ්‍යාවේ ඉහළයාමක් පෙන්නුම් කළ හැකි බව එරට සෞඛ්‍ය අංශ සඳහන් ඇති අතර එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ එය පාලනය කරගත හැකිවනු ඇති බවට අපේක්ෂා කෙරෙයි.