කොරෝනාවෙන් බැටකන ඉන්දියාව අයහපත් කාලගුණයෙන් තවත් අසරණ වෙයි

කොරෝනාවෙන් බැටකන ඉන්දියාව අයහපත් කාලගුණයෙන් තවත් අසරණ වෙයි
කොරෝනා වෛරසයේ දරුණු ව්‍යාප්තියත් සමඟ මහත් අර්බුදයක සිටින ඉන්දියාව අදවනවිට අයහපත් කාලගුණික තත්ත්වය නිසා අසරණභාවයට පත්ව තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
ඉන්දියාවේ මූල්‍ය අගනගරය වන මුම්බායි නුවරට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය නිසා මියගිය ගණන 30ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර විශාල පිරිසක් අවතැන්වී සිටින බවත් සඳහන්.
 
නාය යෑම් ,ගොඩනැගිලි කඩා වැටීම් සහ විදුලි සැර වැදීමෙන් මෙම මරණ සිදුව තිබෙන අතර මේවනවිට විශාල පිරිසක් දැඩි අසීරුතාවයෙන් පසුවෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 

තවද ඉදිරි පැය 24 තුළ අධික වැසි තත්ත්වයක් ඇතිවිය හැකි බවත් එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු හඟවා තිබෙන අතර මේවනවිට කාලගුණයෙන් රතු නිවේදනද නිකුත්කර තිබේ.