බ්‍රිතාන්‍ය තුළ පනවා තිබූ දැඩි සංචරණ සීමා ඉවතට

බ්‍රිතාන්‍ය තුළ පනවා තිබූ දැඩි සංචරණ සීමා ඉවතට
කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මාස 07ක් පුරාවට බ්‍රිතාන්‍ය තුළ පනවා තිබූ දැඩි සංචරණ සීමා ඊයේ (19) දිනෙන් සම්පූර්ණයෙන් ඉවත් කරනු ලැබූ බව විදෙස් පුවත් සේවා සඳහන් කරයි.
 
එම තීරණයත් සමඟ බ්‍රිතාන්‍ය බලධාරීන් ජූලි 19 වෙනි දිනය නම් කර ඇත්තේ "නිදහසේ දිනය" ලෙසයි. සමාජ දුරස්ථභාවය, මුහුණු ආවරණ පැළඳීම වැනි කොන්දේසි මෙම තීරණයත් සමඟ තවදුරටත් බ්‍රිතාන්‍යතුළ ක්‍රියාත්මක වීම අනිවාර්ය නොවනු ඇති.
 
ඇමරිකාවට පසුව මුහුණු ආවරණ පැළඳීම අත්‍යාවශ්‍ය නොවන බවට ප්‍රසිද්ධියට පත්කළ දෙවන රට වන්නේ බ්‍රිතාන්‍යයි.
 
සංචරණ සීමා ඉවත් කළ නිවේදනය සමඟ බ්‍රිතාන්‍යයේ වැසියන් ප්‍රීතිඝෝෂා නඟමින් වීදි පුරා ජය සමරමින් විනෝදවී ඇති බවත් සඳහන්.