ඕස්ට්‍රේලියාවේ සිඩ්නි යලිත් මාසයකට ලොක්ඩවුන් වෙයි

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි යලිත් මාසයකට ලොක්ඩවුන් වෙයි

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ලොක්ඩවුන් කාලසීමාව තවත් මසකින් දීර්ඝ කිරිමට ප්‍රාන්ත බලධාරීන් තීරණයකර තිබේ.

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග පසුගිය ජුනි මාසයේ සිට සිඩ්නි නුවර වසාදැමිමට බලධාරින් පියවරගත් අතර අවදානම තවදුරටත් ඉහළයාම හේතුවෙන් එම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ වනවිට ඔස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන සිඩ්නි නගරයෙන් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 2,500 ඉක්මවා තිබේ.

ගත වූ දිනයේ ද සිඩ්නි නුවර අයත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් නව ආසාදිතයින් 177 දෙනෙකු  හඳුනාගෙන තිබුණි.

එය පසුගිය  වසරේ මාර්තු මාසයෙන් අනතුරුව දිනක් තුළ එම ප්‍රාන්තයෙන් හඳුනාගත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාව ලොක්ඩවුන් නීති අද දිනයෙන් අවසන් කිරීමට එම ප්‍රාන්ත බලධාරින් පියවර ගෙන තිබේ.