ඩෙල්ටා නවසීලන්තය තවදුරටත් වසා දමයි

ඩෙල්ටා නවසීලන්තය තවදුරටත් වසා දමයි
ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වීමේ අවදානම හමුවේ නවසීලන්තය වසා තැබෙන කාලසීමාව තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. 
 

එරට අග්‍රාමාත්‍ය ජසින්තා ආඩ්න් පැවසුවේ ඩෙල්ටා ප්‍රභේදය වර්තමාන ව්‍යාප්ති තත්ත්වය තවමත් උපරිම අවසථාවට පැමිණ නොමැති බවයි. 

කෙසේවෙතත් ජනතාවගේ ආරක්ෂාව උදෙසා රට වසා තැබෙන කාලසීමාව අගෝස්තු 27 වනදා දක්වා දිර්ඝ කරන බවයි අග්‍රාමාත්‍යවරිය පැවසුවේ. 

ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය ලෙස හඳුනාගෙන ඇති ඕක්ලන්ඩ් නගරය වසා තැබෙන කාලය ද අගෝස්තු 31 වනදා තෙක් දීර්ඝ කෙරුණා. 

ඩෙල්ටා වෛරසය සිය ව්‍යාප්තිය වෙනස් කර ගෙන ඇති පසුබිමක රටක් වශයෙන් සිය ප්‍රතිපත්ති ද වෙනස් කළ යුතු බවයි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්තා ආඩ්න් පෙන්වා දෙන්නේ. 

මේ අතර නවසීලන්තයෙන් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේවනවිට 100 ඉක්මවා තිබෙනවා. 

ඒ අනුව ඩෙල්ටා ආසාදිතයින් බවට සැකකෙරෙන ආසාදිතයින් සංඛ්‍යාව 107 දෙනෙකු මේවනවිට හඳුනාගෙන ඇති බවයි එරට බලධාරීන් පැවසුවේ. 

ඉන් ආසාදිතයින් 33 දෙනෙකු ඕක්ලන්ඩ් නගරයෙන් හඳුනාගෙන ඇති අතර වෙලිංටන් අගනුවරින් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙනවා.