එක් කොවිඩ් ආසාදිතයෙකු නිසා නවසීලන්තයම දින 03 කට ලොක්ඩවුන්

එක් කොවිඩ් ආසාදිතයෙකු නිසා නවසීලන්තයම දින 03 කට ලොක්ඩවුන්

නවසීලන්තයේ විශාලම නගරය වන ඕක්ලන්ඩ් නගරයෙන් එක් කොවිඩ් ආසාධිතයෙකු හමුවීමත් සමග සමස්ත නවසීලන්තයම දින 03 කට ලොක්ඩවුන් කිරීමට එරට රාජ්‍ය බලධාරීන් කටයුතු කර තිබේ.

නවසීලන්තයෙන් මාස 06 කට පසු සමාජ සම්ප්‍රේෂණයකින් කොවිඩ් ආසාධිතයෙකු හමුවූ පළමු අවස්ථාව මෙයයි.

එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් නිවේදනය කලේ ඕක්ලන්ඩ් නගරය සතියක් වසාදැමෙන අතර අනෙක් ප්‍රදේශ දින තුනක් සඳහා වසාදැමෙන බවයි.

හඳුනාගත් ආසාදිතයාට ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී ඇතැයි යන අනුමානය මත තමා එවැනි තීරණයක් ගත් බව ද අගමැතිනිය සඳහන් කලා.