එක් ආසාදිතයෙකු හමුවීම නිසා ඕස්ට්‍රේලියාවේ කැන්බරා හදිසියේ වසයි

එක් ආසාදිතයෙකු හමුවීම නිසා ඕස්ට්‍රේලියාවේ කැන්බරා හදිසියේ වසයි
එක් ආසාදිතයෙකු හමුවීම නිසා ඕස්ට්‍රේලියාවේ කැන්බරා හදිසියේ වසා දැමීමට එරට රාජ්‍ය බලධාරීන් තීරණය කර තිබේ.
 
ඒ අනුව ඊයේ (12) දිනයේ සිට ඉදිරි සතියක කාලයක් ලොක්ඩවුන් කිරීමට සෞඛ්‍ය අංශ  විසින් හදිසියේම තීරණය කර තිබෙන අතර කැන්බරා අගනුවරින් මෙසේ 'කොවිඩ් 19' ආසාදිතයකු හමුවූයේ වසරකට පමණ පසුව බවත් සඳහන් කරයි.
 
හමුවුණු ආසාදිතයා තරුණයකු යැයි පැවැසෙයි. ඔහුට වයිරසය ආසාදනය වූයේ කෙසේදැයි යන්න නිවැරදිව තහවුරු කර ගැනීමට මෙලෙස සතියක සීමා පැනවීමක් සිදුකර ඇත.
ලොක්ඩවුන් කටයුතු සඳහා හමුදාවේ සහාය පොලිසියට හිමිවන බවත්, හමුදා සොල්දාදුවන් 580 දෙනකු ඒ සඳහා යෙදවූ බවත් කැන්බරා බලධාරීහු පවසති.
 

මේ වනවිටත් ඕස්ට්‍රේලියාවේ නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි සහ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් යන නගර මුළුමනින්ම ලොක්ඩවුන් කර ඇත. ඒ, 'ඩෙල්ටා' විකෘතිය ව්‍යාප්තවීමත් සමඟ නව ආසාදිතයන් වාර්තා වන බැවිනි.