ඕස්ට්‍රේලියාවේ මෙල්බන් තවදුරටත් වැසෙයි -කොවිඩ් අවදානම දිනෙන් දින ඉහළට

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් තවදුරටත් වැසෙයි -කොවිඩ් අවදානම දිනෙන් දින ඉහළට

ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම නගරය වන මෙල්බර්න් නුවර ලොක්ඩවුන් කාලසීමාව ලබන 19 වන දින දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ අවදානම හේතුවෙන් මෙල්බර්න් නුවර පසුගිය බ්‍රහස්පතින්දා සිට වසාදැමුණූ අතර කොවිඩ් වසංගතය ආරම්භවීමෙන් අනතුරුව එම නගරය සඳහා සංචරණ සීමා පැනවූ 06 වන අවස්ථාව මෙය වේ.

ගත වූ දිනය තුළ ද මෙල්බර්න් නුවර අයත් වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඩෙල්ටා ආසාදිතයින් 20 දෙනෙකු හඳුනාගෙන තිබුණි.

ඉන් වැඩි පිරිසකට වෛරසය ආසාදනය වූ ආකාරය මෙතෙක් හඳුනාගැනිමට නොහැකි වී ඇති බව වාර්තා වේ.