සාර්ථක අඟුළු දැමීමෙන් නවසීලන්තයේ කොවිඩ් ආසාදන අඩුවීමක්

සාර්ථක අඟුළු දැමීමෙන් නවසීලන්තයේ කොවිඩ් ආසාදන අඩුවීමක්

සාර්ථක අගුලු දැමීම නිසා නවසීලන්තය කොරෝනා වෛරස  ආසාදිතයින් වාර්තා වීම  අඩු වී ඇති බව එරට  සෞඛ්‍ය බලධාරීන්  ප්‍රකාශ කර තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ එරට තුළ කොරෝනා ආසාදිතයින් වාර්තාවීම අඩුවී තිබෙන අතර එය පසුගිය සති දෙකක කාලය හා සසඳන විට විශාල පහළයෑමක් බවයි.

 ඩෙල්ටා  වෛරස් ප්‍රභේදය  රට තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීමේ අරමුණින් නවසීලන්ත රජය විසින් කඩිනමින් lockdown සීමා පැනවූ අතර  එමගින් සාර්ථක ප්‍රතිඵල ලැබී තිබෙන බවයි  විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එරට මහජන සෞඛ්‍ය  අධ්‍යක්ෂ  වෛද්‍ය   කැරොලයින් මැක්එන්ලේ  නිවේදනය කර ඇත්තේ  "ආසාදන පහළ වැටීම අපව දිරිමත් කරන නමුත් මේ වසංගත වලට දිගුවක් තිබිය හැකි බව අපි සිහියේ තබාගෙන කටයුතු කළ යුතුයි" යනුවෙනි.

 තවද  ඇය ප්‍රකාශ කර ඇත්තේ  සම්ප්‍රේෂණ දාමය   බිඳ දැමීමේදී  නවසීලන්තය සාර්ථක වෙමින් සිටින බවයි.

 පසුගිය පෙබරවාරි මාසයේ අවස්ථා කිහිපයකදී නවසීලන්තයෙන් කොරෝනා වෛරස ආසාදිතයින් හමුවූවත් නවසීලන්තය ෛරසය ව්‍යාප්ත වීම පාලනය කළ රටවල් අතර ්‍රමුඛත්වය ගන්නා ලදී නමුත් ඩෙල්ටා වසංගතය නිසා නවසිලන්තයේ නැවත වරක් කොරෝනා ආසාදිතයින් වාර්තාවීමත් සමඟ පසුගිය මාසයේදී හදිසි අගුළු දැමීමකට නවසීලන්ත අගමැති ජසින්ඩා ආර්ඩේන්  නියෝග කරන ලදී. එම තීරණය නිසා අද වන විට නවසීලන්තය සාර්ථක ලෙස කොරෝනා වෛරසය  පාලනය කරමින් සිටින බවයි විදෙස් පුවත් සේවා සඳහන් කරන්නේ.