දරුණු කොරෝනා ප්‍රභේදයක් ලෙස සැලකෙන "මූ" රටවල් 39ක් ආක්‍රමණය කරයි

දරුණු කොරෝනා ප්‍රභේදයක් ලෙස සැලකෙන "මූ" රටවල් 39ක් ආක්‍රමණය කරයි

කොරෝනා වෛරස තවත් අලුත් ප්‍රභේදයක් ලෙස සැලකෙන "මූ" නම් වෛරස් ප්‍රභේද ය අද වන විට ලෝකයේ රටවල් 39ක  සීඝ්‍රයෙන් පැතිරී යන බවට විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයද   මෙම නව කොරෝනා ප්‍රභේදය  සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන අතර එයට හේතු වී ඇත්තේ මෙම නව ප්‍රභේදය  වේගයෙන් පැතිරී යාමේ හැකියාව  ඇති නිසාත්  එන්නත් තුළින් සහ වෛරසය   වරක් ආසාදනය වීමෙන් ලැබෙන   ප්‍රතිශක්තිය ඉක්මවා යා හැකි  දරුණු ප්‍රභවයක් ලෙස සැක කරන බැවිනි.

 මේ සම්බන්ධයෙන් ලෝක  සෞඛ්‍ය සංවිධානය  පෙන්වා දෙන්නේ ඉහත තොරතුරු ස්ථිර වශයෙන්ම තහවුරු කරගැනීම සඳහා තවදුරටත් පර්යේෂණ කළ යුතු බවයි.

මෙම  වෛරස් ප්‍රභේද ය විද්‍යාත්මකව හඳුන්වන්නේ B.1.621යනුවෙනි. පසුගිය තිස් වැනිදා  ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්  වධානයට ලක් විය යුතු වෛරස ප්‍රභේද වල ලැයිස්තුවට "මූ"  නැමැති මෙම වෛරස් ප්‍රභේදය ඇතුළත් කරන ලදී.

2021 ජනවාරි මාසේ කුණු අප්‍රිකානු රටක් වන කොලොම්බියාවෙන් මේ වෛරස් ප්‍රභේද ය මුලින්ම වාර්තා වූ අතර අද වන විට ඇමරිකාව එක්සත් රාජධානිය සහ යුරෝපයේ රටවල් කිහිපයක මෙන්ම ආසියාවේ හොංකොං කලාපය ද ආක්‍රමණය කර ඇත.

මෙය දකුණු අප්‍රිකාවෙන්  සොයාගත් බීටා ප්‍රභේදයේ ලක්ෂණවලට  සමානකමක් දක්වන අතර  විද්‍යාඥයින් සහ  සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ  මෙම   ප්‍රභේදය   ඩෙල්ටා ප්‍රභේදය ටත් වඩා භයානක ප්‍රභේදයක් ද යන්න සොයා බැලීම  අත්‍යවශ්‍ය වන බවයි.