කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට එරෙහි ප්‍රංශ වැසියන් මහපාරේ

කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට එරෙහි ප්‍රංශ වැසියන් මහපාරේ

රට තුළ ක්‍රියාත්මක ඇතැම් කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට විරෝධය පළ කරමින් ප්‍රංශ පුරා දැවැන්ත විරෝධතා ආරම්භ වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම විරෝධතාවන්ට එක් ලක්ෂ විසි දහසකට අධික පිරිසක් එක්ව සිටින බවයි.

කොරෝනා මර්දන එන්නත් ලබා නොගත් පුද්ගලයින්ට ආපනශාලා ඇතුළු පොදු ස්ථානවලට ඇතුළු වීමට අවසර නොදීම ඇතුළු සෞඛ්‍ය රීතින්ට විරෝධය පළ කරමින් මෙම විරෝධතා ක්‍රියාත්මක ය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ප්‍රංශයේ පැරිස් නුවර පැවැති විරෝධතා අතරතුර පොලීසිය සමග ගැටුම් ඇති කරගත් පුද්ගලයින් 85 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ප්‍රංශයේ ක්‍රියාත්මක නව මාර්ගොපදේශ යටතේ පොදු ස්ථානවලට ඇතුළු විමේ දී කොවිඩ් ආසාදිතයකු නොවන බවට තහවුරු වන කොරෝනා පරික්ෂණ වාර්තා තිබිය යුතු ය.

විරෝධතාකරුවන් චෝදනා කරන්නේ,එමගින් එන්නතකරණයට ලක් නොවූ පුද්ගලයින් වෙන් කොට සැලකීමක් සිදු වන බවයි.