කොරෝනා පාලනයට ඇමරිකාවෙන් අලුත් සැලසුම්

දිනෙන් දින ඉහළ යන කොරෝනා ආසාදිතයින් පාලනය කිරීම සඳහා අමෙරිකාව විශේෂ ක්‍රියාමාර්ග රැසක් ගැනීමට සූදානම් වෙන අතර එහිදී ප්‍රමුඛ අවධානයක් යොමු කර ඇත්තේ එන්නත්කරණයට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

රජයේ සෙවකයින් මිලියනයක් කඩිනමින් එන්නත් කිරීමටද අපේක්ෂිතයි. 

කාර්ය මණ්ඩල සාමාජිකයින් සියයක් හෝ ඊට වැඩියෙන් සිටින සියලුම පෞද්ගලික ආයතනවලට දැනුම් දී ඇත්තේ සිය සේවකයින් කඩිනමින් එන්නත් කළ යුතු බවයි. 

එමෙන්ම සතියකට වරක් කොරෝනා පරීක්ෂණයක් සිදු කළ යුතු බවටත් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා දැනුම්දී තිබෙනවා. මෙම නියෝගය මිලියන 80 ක සේවකයින්ට බලපානු ඇති.

අමෙරිකා දත්තවලට අනුව ඉකුත් අගෝස්තු 03 වන සතියේ සිට එරට දෛනික ආසාදිතයින්ගේ රෝහල්ගතවන්නන්ගේ මියයාම්වලත් යළි වැඩිවීමක් පෙන්නුම් කරනවා.