රජයේ සෙවකයින් මිලියනයක් කඩිනමින් එන්නත් කිරීමටද අපේක්ෂිතයි.
කාර්ය මණ්ඩල සාමාජිකයින් සියයක් හෝ ඊට වැඩියෙන් සිටින සියලුම පෞද්ගලික ආයතනවලට දැනුම් දී ඇත්තේ සිය සේවකයින් කඩිනමින් එන්නත් කළ යුතු බවයි.
එමෙන්ම සතියකට වරක් කොරෝනා පරීක්ෂණයක් සිදු කළ යුතු බවටත් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා දැනුම්දී තිබෙනවා. මෙම නියෝගය මිලියන 80 ක සේවකයින්ට බලපානු ඇති.
අමෙරිකා දත්තවලට අනුව ඉකුත් අගෝස්තු 03 වන සතියේ සිට එරට දෛනික ආසාදිතයින්ගේ රෝහල්ගතවන්නන්ගේ මියයාම්වලත් යළි වැඩිවීමක් පෙන්නුම් කරනවා.
