භූ කම්පනයකින් ඕස්ට්‍රේලියාව සෙලවෙයි

භූ කම්පනයකින් ඕස්ට්‍රේලියාව සෙලවෙයි

ගිණිකොනදිග ඔස්ට්‍රේලියාවට බලපෑ මැග්නිටියුඩ් ඒකක  5.8 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයෙන් මෙල්බර්න් නුවර ආශ්‍රිත ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ මෑන්ස්ෆීල්ඩ් ප්‍රදේශය භූකම්පනයේ කේන්ද්‍රස්ථානය ලෙස හඳුනා ගෙන ඇති අතර එරට වේලාවෙන් උදෑසන 9:15 ට භූ චලනය සිදුව ඇත.

භූ කම්පනය ප්‍රදේශ රැසකට දැනී ඇති අතර පවසු මැග්නිටියුඩ් ඒකක 4.0 සහ 3.1 ක ප්‍රබලත්වයනේ යුතු පසු කම්පන දෙකක් ද සිදුව තිබේ.

මේ අතර ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ, භූ චලනයෙන් බරපතළ තුවාල ලැබූවන් පිළිබඳව වාර්තා වී නොමැති බවයි.