කොවිඩ් අවදානම නිසා මෙල්බන් තවදුරටත් වැසෙයි

කොවිඩ් අවදානම නිසා මෙල්බන් තවදුරටත් වැසෙයි

කොවිඩ් අවදානම නිසා මෙල්බන් තවදුරටත් වසා තැබීමට ඕස්ට්‍රේලියානු රාජ්‍ය බලධාරීන් තීරණය කර තිබේ.

කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වීමෙන් අනතුරුව වැඩිම දින ගණනක් අඛණ්ඩව වසා තැබූ නගරයේ බවට    ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර හෙට දිනය වන විට පත්වන අතර මෙල්බර්න් වසා දමා මේ වනවිට දින 245 ගතව ඇත.

 කොරෝනා ව්‍යාප්තිය නිසා  මෙතෙක් අඛණ්ඩව වැඩි දින ගණනක් වසා තැබූ නගරය බවට පත්ව තිබුණේ ආජන්ටිනාවේ   බුවනෝස්   අයර්ස් වන අතර අද දිනය වන විට මෙල්බර්න් නුවර එම වාර්තාව  සම කර තිබේ.

 පවතින වසංගතය හමුවේ තවදුරටත් මෙල්බන් නුවර සති තුනක කාලයකට වසා දැමීමට  පසුගියදා ඕස්ට්‍රේලියානු   රාජ්‍ය බලධාරීන් තීරණය  කළ අතර ජනතාව විසින් සෞඛ්‍ය උපදෙස්  නිසියාකාරව ක්‍රියාත්මක නොකිරීම නිසා  මෙලෙස  covid අවදානම ඉහළ ගොස් තිබෙන බවයි  ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

 කෙසේ වෙතත් මෙම තත්ත්වය පාලනය කර ගැනීමේ අරමුණින් පුරවැසියන් හට එන්නත්කරණය වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට සැලසුම් සකස් කර තිබෙන බවයි    රාජ්‍ය බලධාරීන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.