යුරෝපයේ කොවිඩ් මරණ තවත් ඉහළ යන ලකුණු

යුරෝපයේ කොවිඩ් මරණ තවත් ඉහළ යන ලකුණු

ලබන පෙබරවාරි මාසය වන විට යුරෝපය තුළ තවත් කොවිඩ් මරණ ලක්ෂ 05ක් පමණ සිදුවිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

වසංගතය ආරම්භ වු දින සිට ජර්මනියෙන් වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාවක් පසුගිය 04 වෙනි දින වාර්තා වු අතර යුරෝපයේ රටවල් රැසක දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ද ඉහළ ගොස් තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙන්නේ නව අනතුරු ඇඟවීම  නිකුත් කිරීමේ දි කලාපය තුළ කොවිඩ් -19 වෛරසය සම්ප්‍රේෂණය වීමේ වේගය පිළිබඳ දැඩි සැලකිල්ලක් යොමුකළ බවය.

විශ්වාසදායක එක් ක්‍රමවේදයක් මත පමණක් රැඳී සිටිමින් වෛරසය මර්දනය කළ නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත