කොවිඩ් එන්නත: ලොව පුරා ප්‍රගතිය කෙතරම් වේගවත් ද?

කොවිඩ් එන්නත: ලොව පුරා ප්‍රගතිය කෙතරම් වේගවත් ද?

මේ වන විට, කොරෝනාවෛරසයට එරෙහි එන්නත් මාත්‍රා බිලියන හතකට වැඩි සංඛ්‍යාවක් ලොව පුරා රටවල් 197ක දී ලබා දී තිබේ. කෙසේ නමුත්, ලොව විවිධ තැන්වල එන්නත්කරණ ප්‍රගතියේ විශාල වෙනස්කම් දක්නට හැකි ය.

සිය ජනගහණයෙන් විශාල කොටසක් සඳහා මාත්‍රා මිළට ගෙන එන්නත්කරණය සිදු කිරීමට ඇතැම් රටවල් සමත්ව ඇති නමුත්, තවත් සමහර රටවල් සිටින්නේ තරමක් පසුපසිනි.

ලොව පුරා සෑම වැඩිහිටියෙකුටම පාහේ එන්නත් මාත්‍රා ලබාදීමට අදහස් කරන, ලෝක ඉතිහාසයේ විශාලතම එන්නත්කරණ වැඩසටහන මෙය යි.

සමස්තයක් වශයෙන් ගත්කල චීනය සහ ඉන්දියාව ඉහළම එන්නත් මාත්‍රා ප්‍රමාණයක් (පිළිවෙලින් බිලියන 2.4ක් සහ 1.1ක්) ලබාදී ඇත. එන්නත් මාත්‍රා මිලියන 440ක් ලබා දී ඇති එක්සත් ජනපදය තෙවන ස්ථානයේ පසුවෙයි.

යුරෝපයේ සහ ඇමරිකාවේ රටවල එන්නත්කරණ ව්‍යාපාර හොඳ ප්‍රගතියක් ලබමින් තිබුණ ද, අප්‍රිකාවේ බොහෝ රටවල් එන්නත් සපයාගැනීමේ ගැටලුවට මුහුණ පා සිටියි.

බී.බී.සී ඇසුරිනි