ප්‍රබල සුලි කුණාටුවක් නිසා කැනඩාවේ හදිසි තත්ත්වයක්

ප්‍රබල සුලි කුණාටුවක් නිසා කැනඩාවේ හදිසි තත්ත්වයක්
ප්‍රබල සුළි කුණාටුවක් හේතුවෙන් කැනඩාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ කුණාටුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයට එලෙස හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
 
ප්‍රභල වර්ෂාපතනයත් සමග බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ ගංගාවල ජල මට්ටම් ඉහල ගොස් ඇති අතර ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී තිබෙන බවත් සඳහන්.
 
කුණාටුවේ බලපෑමෙන් හා ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින පිරිස් මුදා ගැනීම සදහා හමුදාව යොදවා තිබෙන අතර මාර්ග ඔස්සේ ලඟාවීමට අපහසු ප්‍රදේශ වල ආපදාවට පත්ව සිටින පිරිස්වලට අවශ්‍ය ආහාර ඇතුලු අත්‍යවශය ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතු හෙලිකොප්ටර් යානා මගින් සිදු කෙරෙයි.
 
එමෙන්ම කඳුකර ප්‍රදේශවල සිරවී සිටින පිරිස් මුදා ගැනීම ද හෙලිකොප්ටර් යානා මගින් සිදු කෙරෙන බවත් සඳහන්.
 

බොහෝ පිරිසක් නායයාමේ අවදානමට ලක්ව සිටින අතර කදුකර ප්‍රදේශවල සිරවී සිටින සංචාරකයින් මුදා ගැනීමේ මෙහෙයුම් ද ක්‍රියාත්මකයි. නායයාම් හේතුවෙන් මේ වනවිටත් එක් අයෙකු මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන් වී තිබෙනවා. ආපදාවලින් සිදුව ඇති ජීවිත අනතුරු පිළිබද පැවසීමට තවමත් කල් වේලා වැඩි බවයි බ්‍රිටිෂ්  කොලොම්බියා බලධාරීන් පවසන්නේ.