විදේශිකයින්ට මාලදිවයිනෙන් සංචාරක තහංචි වැටෙයි

විදේශිකයින්ට මාලදිවයිනෙන් සංචාරක තහංචි වැටෙයි

අප්‍රිකානු රටවල් හතක සංචාරකයන්ට රටට ඇතුළුවීම තහනම් කිරීමට පියවර ගන්නා බව මාලදිවයින ප්‍රකාශ කර තිබේ.

කොවිඩ්-19 වයිරසයේ නව ප්‍රභේදයක් වන ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් මාලදිවයින මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ, මොසැම්බික්, නැමිබියා, ලෙසතෝ, සහ එස්වාටිනි යන රටවල සංචාරකයන්ට රටට ඇතුළු වීම තහනම් කරන බව මාලදිවයිනේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

අවසන් දින දෙකේදී එම රටවලින් පැමිණි සංචාරකයන් දින 14ක නිරෝධායන කාලයකට යටත් විය යුතු බව ද එම අමාත්‍යාංශය සඳහන් කළේ ය.