ඔමික්‍රෝන් පාලනයට බ්‍රිතාන්‍ය දැඩි නීති ගෙනෙයි

ඔමික්‍රෝන් පාලනයට බ්‍රිතාන්‍ය දැඩි නීති ගෙනෙයි

ඔමික්‍රොන් ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය කිරීමට පනවා ඇති නීති ඉදිරි දින කිහිපයේදී තවදුරටත් දැඩි කිරීමට සිදු වන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා පවසයි. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ තත්ත්වය පාලනය කිරීමට නම් රට වසා දැමීමකට සමාන නීති දැඩි කිරීමක් අවශ්‍ය බවයි.

2022 වසර කොවිඩ් 19 වසංගතය අවසන් කරන වසර විය යුතු යැයි එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මීට ඉහත දී ඉල්ලා සිටියේ ඉදිරි වසරේ දී කොවිඩ් 19 වසංගතය අවසන් කිරීමට සියලු දෙනා එක්වන ලෙසයි. ඒ සඳහා එනනත් සඳහා ප්‍රවේශ වීමේ අසමානතාව අවසන් කළ යුතු බවද එම සංවිධානය සඳහන් කළේය.

ප්‍රංශයේ අවුරුදු 5 ත් 11 අතර දරුවන්ට ෆයිසර් එන්නත ලබාදිමට එරට සෞඛ්‍ය අංශ තිරණය කරයි. එරට එන්නත්කරනය අනිවාර්යය වුවත් දරුවන්ට එන්නත් ලබාදිම දෙමාපියන්ගේ තිරණය මත සිදුවෙයි.

විදේශ සංචාරකයන්ට රට විවෘත කිරීම පෙබරවාරි මාසය අග දක්වා කල් දැමිමට නවසීලන්ත රජය තිරණය කරයි. ඔමික්‍රෝන් ප්‍රභේදය ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම මීට හේතුවයි. නිරෝධායන කාලසීමාව ද දින 10 දක්වා වැඩි කිරිමට අවධානය යොමුව තිබේ.