ඔමික්‍රෝන් වෛරසය ගැන විශේෂඥයන්ගෙන් රතුඑළියක්!

ඔමික්‍රෝන් වෛරසය ගැන විශේෂඥයන්ගෙන් රතුඑළියක්!

ජනතාව නත්තල් කාලයේ සවාරිවල නිරත වීම තුළින් ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය ඉහළ යනු ඇතැයි ඇමරිකාවේ විශේෂඥ වසංගතවේදියකු වන වෛද්‍ය ඇන්තනි ෆවුසි අනතුරු අඟවයි.

වෛද්‍ය ෆවුසි ඇමරිකානු ජනාධිපතිවරයාගේ උපදේශකයකු ලෙසද කටයුතු කරන්නෙකි.

‘ඔමික්‍රෝන් යනු අසාමාන්‍ය ආකාරයෙන් ව්‍යාප්ත වීමේ හැකියාවක් ඇති ප්‍රභේදයක්. ඒ ගැන සැකයක් නැහැ’ යැයිද ඔහු පවසා තිබිණි.

පසුගියදා රූපවාහිනි නාළිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බැව් පවසා තිබූ අතර මේ වනවිට මෙම නව ප්‍රභේදය ලොව ආක්‍රමණය කරමින් පැතිරෙමින් ඇති බවද සඳහන් කර තිබිණි.

මේ වෙද්දී ඇමරිකාවෙන් වාර්තා වෙමින් ඇති කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට 3ක් පමණ ඔමික්‍රෝන් ආසාදිතයන්ය. මෙම ව්‍යාප්තිය ඉදිරියේදී තවදුරටත් ඉහළ යනු ඇති බව විශේෂඥයන්ගේ අදහසයි.

ඔමික්‍රෝන් ආසාදිතයන් වැඩි වශයෙන්ම වාර්තා වන්නේ නිව්යෝක්වලිනි. මේ වනවිට පෙනෙන්නට ඇති තත්ත්වය ඉදිරියටත් පැවතුණහොත් එරට රෝහල් පද්ධති මත දැඩි පීඩනයක් එල්ල විය හැකි බවටද වෛද්‍ය ෆවුසි අනාවැකි පළ කරයි.