අමෙරිකාවේ ප්‍රාන්ත 48ක් ඔමික්‍රෝන් ආක්‍රමණය කරයි

අමෙරිකාවේ ප්‍රාන්ත 48ක් ඔමික්‍රෝන් ආක්‍රමණය කරයි
අදවනවිට ඇමරිකාවේ ප්‍රාන්ත 48ක් ඔමික්‍රෝන් ප්‍රභේදය ව්‍යාප්තවී තිබෙන බව විදෙස් පුවත් සේවා අනාවරණය කරයි.
 
අමෙරිකානු වසංගත රෝග පාලන මධ්‍යස්ථානය එහිදී නිවේදනය කර ඇත්තේ අමෙරිකාවෙන් වාර්තාවන ආසාදිතයින්ගෙන් සියයට 73ක්ම ඔමික්‍රොන් ආසාදිතයින්වන බවයි.ඒ අනුව රට ප්‍රමුඛතම කොවිඩ් ප්‍රභේදය බවට පත්ව ඇත්තේ ඔමික්‍රොන් නව ප්‍රභේදයවන බවත් අමෙරිකාවේ ඔමික්‍රොන් ආසාදිත පළමු මරණය ද වාර්තා වී ඇති බවත් පෙන්වා දෙයි.
 
එමෙන්ම පවතින අවදානම යටතේ එන්නත් ලබානොගත් අමෙරිකානුවන් සම්බන්ධයෙන් දැඩිතීන්දුවක් ගැනීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සූදානමින් පසුවෙන බවත් සඳහන්.