හිම කුණාටුවල බලපෑමෙන් අමරිකාවේ සහ කැනඩාවේ ගුවන් ගමන් රැසක් අවලංගුයි

හිම කුණාටුවල බලපෑමෙන් අමරිකාවේ සහ කැනඩාවේ ගුවන් ගමන් රැසක් අවලංගුයි

අධික ශීත හිම කුණාටු සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇමරිකාවේ සහ කැනඩාවේ ගුවන් ගමන් දහසකට අධික සංඛ්‍යාවක් අවලංගු කර තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හිම කුණාටු හේතුවෙන් කැරොලිනා, සහ ජෝර්ජියා ප්‍රාන්තවල නිවාස ඇතුළු ස්ථාන ලක්ෂ දෙකකට වඩා වැඩි ප්‍රමාණයක විදුලිය ඇනහිටීම් වාර්තා වන බවයි.

ඇලබාමා, ජෝර්ජියා, වර්ජිනියා, උතුරු කැරොලිනා සහ දකුණු කැරොලිනා ප්‍රාන්ත වෙත ශීත කාලගුණ හදිසි අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබේ.

උතුරු කැරෝලිනාවේ, හිම කුණාටු හමුවේ මෝටර් රථයක් පාලනයකර ගැනීමට නොහැකි වීමෙන් පෙරලි‍මෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඇමරිකානු ජාතික කාලගුණ සේවය පැවසුවේ ඉදිරි දින දෙක තුළ කුණාටුව රටේ නැගෙනහිර ප්‍රදේශයට පහර දෙන අතර සමහර ප්‍රදේශවලට සෙන්ටිමීටර 30 කට වඩා හිම පතනයක් අපේක්ෂා කරන බවයි.