රටවල් 94 ක මාධ්‍යවේදීහු 2000 කට කොරෝනා නිසා දිවි අහිමිවෙයි

රටවල් 94 ක මාධ්‍යවේදීහු 2000 කට කොරෝනා නිසා දිවි අහිමිවෙයි

කොරෝනා ආසාදනය වීමෙන් රටවල් 94 ක මාධ්‍යවේදීන් 200ක් මරුමුවට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ලතින් ඇමෙරිකානු රටවල 995 ක් ද ආසියාවේ රටවල 550 ක් ද යුරෝපයේ 263 ක් ද අප‍්‍රිකාවේ 98 ක් සහ උතුරු ඇමෙරිකාවේ 68 ක් ද මෙලෙස මියගොස් තිබේ.

2021 වසරේ මැද භාගය වනවිට මාධ්‍යවේදීන් 225 ක් මියගොස් ඇති අතර යුරෝපයේ මියගිය මාධ්‍යවේදීන් සංඛ්‍යාව වැඩි වී ඇත.

බ‍්‍රසීලයේ මාධ්‍යවේදීන් 295 ක් ද පීරූ රාජ්‍යයේ 199 ක් ද මෙක්සිකෝවේ 122 ක් ද කොළොම්බියාවේ 79 ක් ද බංගලදේශයේ 68 ක් ද මරුමුවට පත් වී ඇත.

රටවල් 30 ක දී එක් මාධ්‍යවේදියකු බැගින් මියගොස් තිබේ.