නිව්සවුත්වේල්ස් හෙදියෝ වැඩි පඩි ඉල්ලා වර්ජනයක

නිව්සවුත්වේල්ස් හෙදියෝ වැඩි පඩි ඉල්ලා වර්ජනයක

සේවක හිඟයත්, වැටුප් වැඩි නොකිරීමත් මුල් කරමින් ඔස්ට්‍රේලියාවේ නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ හෙද හෙදියන් දහස් ගණනක් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය.

මේ වර්ජනය අත්හිටුවන ලෙස ප්‍රාන්ත බලධාරීන් කළ නියෝගය නොසලකා හෙද හෙදියන් දහස් ගණනක් වීදි බැස ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

ඔමික්‍රොන් ප්‍රභේදය වැඩි වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතින නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ හෙද හෙදියන් කැපවීමෙන් යුතුව රාජකාරියේ නිරතව සිටින බවත්, අවදානම් තත්ත්වය යටතේ පවා එවැනි කැප කිරීමක් කරන හෙද හෙදියන්ට වැටුප් වර්ධනයක් මෙතෙක් ලැබී නැති බවත් වාර්තා වේ.

(dinamina)