ඕස්ට්‍රේලියාව බූස්ටර් මාත්‍රාව අනිවාර්ය කරයි

ඕස්ට්‍රේලියාව බූස්ටර් මාත්‍රාව අනිවාර්ය කරයි

ඕස්ට්‍රේලියානුවන්ට පූර්ණ එන්නත ලබාගත් බවට සහතික කිරීමට බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම අවශ්‍යවන බව එරට රජය දැනුම් දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නමුත් විදේශ සංචාරකයෙකුට එරටට ඇතුළු වීමට එන්නත් දෙකක් පමණක් ලබාගෙන තිබීම ප්‍රමාණවත් බව සඳහන් වේ..

එරට එන්නත් උපදේශය කණ්ඩායමේ සංශෝධිත මාර්ගොපදේශයන්ට අනුව රජය මෙම දැනුම්දීම කර තිබේ.

ඒ, බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම ඇතුළුව එන්නත් වර්ග යාවත්කාලීන කිරීම සඳහායි.

යම් පුද්ගලයෙකු දෙවන මාත්‍රාව මාස 06ක් ඇතුළත බූස්ටර් මාත්‍රාව බලා නොමැති නම් ඔහුගේ එන්නත් තත්ත්වය ප්‍රමාද ලෙස සලකන බවද වැඩිදුරටත් සඳහන් කර තිබේ.