මේ අතරින් විශාල පිරිසක් උපාධිධාරීන් බව ද අදාළ වාර්තාවේ සදහන්.
ග්‍රාමීය ප්‍රදේශවලට සාපේක්ෂව , නාගරික ප්‍රදේශවල රැකියා විරහිතභාවය ඉතා ඉහළ මට්ටමක පවතින බව ද පකිස්තාන සංවර්ධන ආර්ථික විද්‍යා ආයතනය අනාවරණය කර තිබෙනවා.
විශේෂයෙන් එරට කාන්තා ශ්‍රම බලකායේ දායකත්වය කැපී පෙනෙන ලෙස පහළ යමින් ඇති බවත් එය බරපතල ගැටලුවක් බවට පත්වෙමින් ඇති බවත් සදහන්.
පකිස්තානයේ ජනසංඛ්‍යාවෙන් සියයට 60 ක් ම වයස අවුරැදු 30 ට අඩු අය වීම හේතුවෙන් මෙම තත්වය එරට ආර්ථික හා සමාජ පැවැත්මට දැඩි අහිතකර බලපෑම් ඇති කළ හැකි බව විශේෂඥ මතය වී තිබෙනවා.
