යුක්‍රේනයේ සටන්වදින විදේශිකයින්ට රුසියාවෙන් අනතුරු ඇඟවීමක්

යුක්‍රේනයේ සටන්වදින විදේශිකයින්ට රුසියාවෙන් අනතුරු ඇඟවීමක්

යුක්‍රේනයේ සටන්වදින විදෙස් රටවල පුද්ගලයින්ට රුසියාව විසින් අනතුරු ඇගවීමක් සිදුකර තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

රුසියානු හමුදා මේ සම්බන්ධයෙන් පවසන්නේ යුක්‍රේනයේ සටන්වදින විදේශිකයන් සිටින ස්ථාන මේ වන විට හඳුනාගෙන ඇති අතර ඉදිරියේ දී ඔවුන් ඉලක්ක කර ගෙන ප්‍රහාර එල්ල කිරීම සිදුකරන බවයි.

එසේම, තම රටවැසියන් යුක්‍රේනයේ සටන්වැදීම සඳහා දිරිමත් කරන රජයන් ඔවුන්ගේ මරණවලට වගකිව යුතු බවත් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ සඳහන් කළේය.

යුක්‍රේනයේ සටන්වදින විදේශිකයන් කෙරෙහි කිසිඳු අනුකම්පාවක් නොදක්වන බවත් රුසියාව සඳහන් කරයි.

යුක්‍රේනයේ යවෝරොෆ් හි පිහිටි එවැනි හමුදා කඳවුරකට පසුගියදා එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 35 දෙනෙක් මියගොස් තවත් 130 දෙනෙක් තුවාල ලැබීය.