බෝට්ටුවක් පෙරළීමෙන් සරණාගතයින් පිරිසක් මරුට

බෝට්ටුවක් පෙරළීමෙන් සරණාගතයින් පිරිසක් මරුට

ලිබියාවේ සිට යුරෝපය බලා ගමන් ගත් සරණාගතයින් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් 100කට ආසන්න පිරිසක් මියගොස් තිබෙනවා.

අනතුරින් සරණාගතයින් සිව් දෙනෙකු දිවි ගලවාගෙන තිනෙවා. අනතුර සිදුවුණේ, මධ්‍යධරනී මුහුදු කලාපය ආශ්‍රිතවයි. ප්‍රමාණය ඉක්මවා ජනතාව ප්‍රවාහනය කිරීම අනතුරට හේතුවයි. අනතුරෙන් මියගිය 96 දෙනෙකුගේ සිරුරු හමුවී තිබෙන බවයි, එක්සත් ජාතීන්ගේ සරණාගතයින් සඳහා වූ ඒජන්සිය පවසන්නේ. අනතුරින් දිවි ගලවා ගත් සරණාගතයින් 4 දෙනා ජිවිතාරක්‍ෂක බෝට්ටුවක සිට බේරා ගැනීමට වාණිජ නෞකාවකට හැකිවී තිබෙනවා. දින හතරක් මුහුදේ සිටි බවයි, වාර්තා වන්නේ. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ මෙම සරණාගතයින් යුරෝපයට සංක්‍රමණය වීමට උත්සාහ දරා ඇති බවයි. මෙම වසර තුළ පමණක් මධ්‍යධරණී මුහුදු කලාපය ආශ්‍රිතව සිදුවු අනතුර හේතුවෙන් සරණාගතයින් 367 දෙනෙකු මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් සඳහා වූ ඒජන්සිය පවසනවා.