එක්සත් රාජධානියේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළට

එක්සත් රාජධානියේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළට

එක්සත් රාජධානියේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඉකුත් සතිය තුල ලක්‍ෂ 50කට ආසන්න රෝගීන් වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. මේ තත්වයත් සමඟ එරට පුද්ගලයින් 13 දෙනෙකුගෙන් එක් අයෙකු කොරෝනා ආසාදිතයෙක් බව ද සෞඛ්‍ය අංශ පවසනවා. ඔමික්‍රෝන් ප්‍රභේදය මේ තත්වයට මුලික හේතුව වී තිබෙනවා. මෙම වසරේ මුල් මාසවලට සාපේක්‍ෂව රෝහල් ගත කිරීම් හා මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි, සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.