හදිසි ගොඩ බෑමක් නිසා ගුවන් යානයක් දෙකඩ වෙයි

හදිසි ගොඩ බෑමක්  නිසා ගුවන් යානයක් දෙකඩ වෙයි
හදිසි ගොඩ බෑමක් අතරතුර ගුවන් යානයක් අනතුරකට පත්ව දෙකට වෙන්වී ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කොස්‍රාටිකාවේ අගනගරය වන සැන් ජෝශි ජුවාන් සන්ටමරියා ජාත්‍යන්තර ගුවන් තොටුපළේදීය.
 
මෙම ගුවන් යානය ලෝකය පුරා භාණ්ඩ බෙදාහැරීමේ සමාගමක් වන ... සමාගමට අයත් ගුවන් යානයක් වන අතර අනතුරට හේතුව ලෙස විදෙස් පුවත් සේවා සඳහන් කරන්නේ හදිසි ගොඩබෑමක් නිසා ගුවන් ධාවන පථයෙන් පිටතට පැන ලිස්සා ගොස් අනතුර සිදුව තිබෙන බවයි.
 
අනතුරින් ගුවන් නියමුවා සහ නිලධාරියෙකු තුවාල ලබා තිබෙන අතර යානයේ සිටි අනිකුත් සේවකයින්ට හානියක් සිදුව නොමැති බවත් සඳහන්.