කුවේටය සංචාරක වීසා නිකුත් කිරීම අරඹයි

කුවේටය සංචාරක වීසා නිකුත් කිරීම අරඹයි

කුවේට් රජය විසින් සංචාරක වීසා නිකුත් කිරීම යලි ආරම්භකර තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

2022 වසරේ මාර්තු මාසයේ 20 වෙනි දින සිට සංචාරක වීසා නිකුත් කිරීම ආරම්භකර තිබෙන බවත්, මාස තුනක කාලයකට වීසා නිකුත් කිරීම සිදුකරන බවත් කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පසුගියදා නිල වශයෙන් නිවේදනය කර ඇත.

තවද කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ නිවේදනයේ දන්වා ඇත්තේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පහසු කර ගැනීම සඳහා මාර්ගෝපදේශයන් නිවැරදිව පිළිපඳින ලෙසයි.