සුඩානය යතුරුපැදි තහනමක් පනවයි.

සුඩානය යතුරුපැදි තහනමක් පනවයි.
සුඩානයේ අගනගරය වූ කාටූම් හී සහ ඊට ආසන්න ප්රදේශ වල යතුරුපැදි වල පිටුපස ආසනයේ ගමන් කිරීම තහනම් කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබේ.
 
ඒ අනුව සුඩාන බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ එරට අගනගරය සහ ඊට ආසන්න ප්රදේශ වල යතුරුපැදිකරුවන් විසින් දිගින් දිගටම සිදුකරනු ලබන කොල්ලකෑම් සහ වෙනත් අපරාධ ක්රියාවන් වැලැක්වීමේ අරමුණ ඇතිවය.
 
කාටුම් නගරයේ වැඩබලන නගරාධිපති විසින් පොලිසිය වෙත මෙම නියෝගය නිකුත් කර ඇති අතර පළමු වරට යතුරුපැදියක පිටුපස අසුනේ යමෙකු රැගෙනයාමට ඇමරිකානු ඩොලර් 225 දඩයක් හෝ මාස දෙකක සිර දඬුවමක් නියම වීමට ඉඩ පවතී.
 
ඒ අනුව යමෙකු යතුරුපැදියේ පිටුපස අසුනෙක් පුද්ගලයෙකු රැගෙනයාමට දෙවන වරට දඩුවම් ලබන්නේ නෑ මාස 4ක සිරදඬුවමක් හෝ ඇමරිකානු ඩොලර් එක්දහස් එකසිය විස්සක දඬයක් නියමවේ. කෙසේ වෙතත් තෙවන වරකදී යතුරුපැදිය රාජ්යසන්තක කර වසරක සිරඳඩුවමක් හිමිවනු ඇත.
 
පසුගිය කාලය පුරා සුඩාන අගනගරයේ අපරාධ රැසක් සිදුවු අතර ඊට අපරාධ කල්ලි සම්බන්ධ බවට එරට පොලිසිය සඳහන් කරයි.
 
එහිදි අපරාධ කල්ලි සාමාජිකයින් ගිනි අවි සමඟ විශාල යතුරුපැදි වල ගමන් කරන අතර එහිදී පහසුවෙන් පොලිසියෙන් මිදී පලා යාමට හැකියාව උදාවේ.
 
කෙසේ වෙතත් මෙම නව නීතිය බොහෝපිරිසකගේ විවේචනයට ලක්ව ඇත. සුඩානයේ පවතින ආර්ථක තත්ත්වය මත බොහෝදෙනා සිය ප්රවාහන කටයුතු වලට යතුරුපැදි භාවිතා කරයි.
 
ඒ අනුව මෙම නීතිය මගින් තමන් දැඩි අපහසුතාවයකටද පත්වන බවද එරට වැසියන් චෝදනා කරයි.