හොංකොං විදෙස් සංචාරකයන්ට විවෘත වෙයි

හොංකොං විදෙස් සංචාරකයන්ට විවෘත වෙයි

වසර දෙකකට පසු හොංකොං විදෙස් සංචාරකයන්ට විවෘත විය. ලොව ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන හොංකොං විදේශිකයන්ට වසා දැමුණේ මීට වසර දෙකකට පෙර 2020 දී 'කොවිඩ් 19' වසංගතය හේතුවෙනි.

හොංකොං සැලකෙන්නේ නගර රාජ්‍යයක් ලෙසය. හොංකොං සෞඛ්‍ය බලධාරීන්ට අනුව මේ වනවිටත් දෛනිකව ආසාදිතයන් 1000 ක් පමණ හමුවෙයි. පසුගිය මාර්තුවේ එම ගණන 70,000 තෙක් ඉහළ ගොස් තිබුණි.

විදෙස් සංචාරකයන්ට හොංකොං පැමිණීමට අවසර හිමි වන්නේ ඔවුන් පූර්ණ වශයෙන් එන්නත් ලබා ගෙන තිබෙන්නේ නම් පමණක් යැයි ද පැවැසෙයි.