කාන්තාවන්ට සුවදායි ආරංචියක්

කාන්තාවන්ට සුවදායි ආරංචියක්

දැඩි ලෙස ඔසප් වේදනාවෙන් පෙළෙන කාන්තාවන් සඳහා විශේෂ වෛද්‍ය නිවාඩුවක් ලබා දීමට ස්පාඤ්ඤ රජය සැලැසුම් කර ඇති අතර, ඊට අදාළ පනත් කෙටුම්පත මේ වනවිට සකස් කර අවසන් බැව් විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.

ස්පාඤ්ඤ මාධ්‍ය වාර්තා කරන අන්දමට ඔ්සප් වේදනාව සහිත කාන්තාවන්ට දින 3 ක් නිවාඩු හිමිවන අතර එම නිවාඩුව දින 5 දක්වා දීර්ඝ කර ගැනීමට හැකියාව ලැබේ. ඒ, දැඩි ලෙස ඔසප් වේදනාවෙන් පෙළෙන්නේ නම් වෛද්‍ය නිර්දේශ අනුවය.

මෙම නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, එය සම්මත වුවහොත්, එවැනි පනතක් හඳුන්වා දෙන පළමු යුරෝපා රට බවට ස්පාඤ්ඤය පත් වනු ඇතැයි ද, විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ස්පාඤ්ඤ රජය මෙම නව පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ, ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන් එරට නව නීතිවලට අනුකූලවය. පනත් කෙටුම්පත ලබන සතියේ කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට ද නියමිත බව පැවැසෙයි.