එක්සත් අරාබි එමීරයේ ජනපති මිය යයි

එක්සත් අරාබි එමීරයේ ජනපති මිය යයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති සහ අබුඩාබි පාලක Sheikh Khalifa bin Zayed Al Nahyan අභාවප්‍රාප්ත වී තිබේ.

අද ඔහු මියගොස් ඇති බවටයියි එරට ජනාධිපති කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති සහ අබුඩාබියේ පාලකයා ලෙස 2004 නොවැම්බර් 3 සිට මෙතෙක් සේවය කරමින් සිටියා.

ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ පසු, ෂීක් කලීෆා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුරවැසියන්ගේ සහ පදිංචිකරුවන්ගේ සමෘද්ධිය මූලික කර ගනිමින් සමබර සහ තිරසාර සංවර්ධනයක් අත්කර ගැනීම සඳහා ඔහුගේ පළමු උපායමාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කරනු ලැබුවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා ලෙස ඔහුගේ ප්‍රධාන අරමුණු වූයේ ඔහුගේ පියා වූ ෂෙයික් සයීඩ්ගේ මාවතේ රට ඉදිරියට ගෙන යාමයි.

ෂීක් කලීෆා ඉන්ධන හා ගෑස් අංශයේ සංවර්ධනය සහ රටේ ආර්ථික විවිධාංගීකරණයට සාර්ථකව දායක වුණා.