දිල්ලියේ ගොඩනැගිල්ලක් ගිණිබත් වෙයි -27ක් මරුට

දිල්ලියේ ගොඩනැගිල්ලක් ගිණිබත් වෙයි -27ක් මරුට
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ව්‍යාපාරික ආයතන රැසක් පිහිටි සිවු මහල් ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නක් හේතුවෙන් එහි රැදී සිටි 27 දෙනෙකු මරණයට පත්ව තිබෙන අතර 40 දෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
මේ ගින්න ඊයේ සවස් කාලයේ ඇතිවී තිබෙන අතර ඒ අවස්ථාවේ ගොඩනැඟිල්ලේ රැඳී සිටි 50කට අධික පිරිසක් කඩිනමින් මුදා ගැනීමට කටයුතු කර තිබේ.ඒ අතුරින් 27ක් මියගොස් තිබෙන අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවූ සියලුම දෙනා රෝහල්ගත කිරීමට කටයුතු කර ඇත.
 
ගිනි නිවන භටයන් ඉහළ මහලවල සිරවී සිටි පිරිස් දොඹකර ආදාරයෙන් මුදාගෙන තිබෙන අතර  මහත්  පරිශ්‍රමයක් යොදා රැඳී සිටි පිරිස් බේරා ගැනීමට කටයුතු කර තිබේ.
 

නිසි ලෙස ගොඩනැගිල්ල නඩත්තු නොකිරීම නිසා ගින්න හටගත් බව මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති අතර ගොඩනැගිල්ල අයත් සමාගමේ හිමිකරුවන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. ගොඩනැගිල්ලේ හිමිකරු පොලිසියෙන් බේරී පලා ගොස් ඇතැයි ද පැවැසෙයි. ඔහු සොයා විමර්ශන ආරම්භ කර ඇත.