ගබ්සාව නීතිගත කිරීමට එරෙහි ක්‍රොඒෂියාවේ විරෝධතා

ගබ්සාව නීතිගත කිරීමට එරෙහි ක්‍රොඒෂියාවේ විරෝධතා

දරු උපත් අයිතීන් දැඩි සීමා කිරීමකට ලක් කරමින් සිදු කෙරෙන ගබ්සාව නීතිගත කිරීමට එරෙහිව ක්‍රොඒෂියාවේ දසදහස් ගණනක ජනතාව උද්ඝෝෂණයක නිරත වී ඇතැයි වාර්තා වේ. යුරෝපා සංගමයේ රටවල් තුළ ගබ්සාව නීතිගත කර ඇති අතර, ඊට ක්‍රොඒෂියාවේ ජනතාව සිය විරෝධතාව පළ කර තිබේ. විවිධ රෝග හේතු මත ගබ්සා කිරීමට නිර්දේශ කර ඇති කාන්තාවන් ද එම උද්ඝෝෂණයට එක් වී සිටින අතර, ක්‍රොඒෂියාවේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ උද්ඝෝෂණය සඳහා එක් වී සිටින හෙදියන් සහ වෛද්‍යවරුන් සේවයෙන් පහ කිරීමට සිදු වන බවය.

ගබ්සා කිරීම කතෝලික ධර්මයට පටහැනි ක්‍රියාවක් බව ක්‍රොඒෂියාවේ මිලියන 3.9ක ජනතාව අතර බහුතරය වන කතෝලික බැතිමතුන් එම උද්ඝෝෂණයේ පෙරමුණ ගෙන සිටින බව වාර්තා වේ.