චීන ජාතිකයන්ට රටින් පිට වීම තහනම් කරමින් නියෝග

චීන ජාතිකයන්ට රටින් පිට වීම තහනම් කරමින් නියෝග

කොවිඩ් වසංගතය ශූන්‍ය කිරීමේ ප්‍රතිපත්තිය අකුරටම ක්‍රියාත්මක කිරීමේ අරමුණින් අත්‍යවශ්‍ය කරුණකට හැර කිසිදු පුද්ගලයකුට රටින් පිටවීම තහනම් කිරීමට චීන රජය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම අන්තර්ජාතික ගුවන් ගමන් තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි බලාත්මක බව නිවේදනයක් නිකුත් කරමින් චීන රජය සිය ජනතාවට දැනුම් දී තිබේ.

විදේශ ගමන් බලපත්‍ර වැනි සංචාරක ලියකියවිලි නිකුත් කිරීම දැඩි ලෙස සීමා කිරීමට ද පියවර ගෙන ඇති අතර, කොවිඩ් ආසාදනය වීම අවම කිරීම එහි අරමුණ බව සඳහන් කර තිබේ.