ඉදිරි වසර 05 තුළ ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමේ අවධානමක්

ඉදිරි වසර 05 තුළ ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමේ අවධානමක්

ලොව සියලූ රටවල් ඉදිරි කාලයේදී ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමේ බරපතල අවධානමකට ලක්වන බව විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

ඔවුන් ඉදිරිපත් කර ඇති වාර්තා වලට අනුව ඉදිරි වසර පහ තුළ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 කින් ඉහළ යනු ඇති අතර එහි සම්භාවිතාව සියයට 50 ක්.

2022 – 2026 අතර කාල සීමාව වාර්තාගත උෂ්ණත්වයක් ලොව පුරා රටවලින් වාර්තාවනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පසුගිය දශක තුනක කාලය තුල ක‍්‍රමයෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ ගිය අතර, මිනිස් ක‍්‍රියාකාරකම් ඒ සඳහා වැඩි වශයෙන් හේතුවී තිබෙනවා.