අලුත් වසංගතයක් නිසා රටවල් රැසක් සීරුවෙන්!

අලුත් වසංගතයක් නිසා රටවල් රැසක් සීරුවෙන්!

යුරෝපා රටවල් කිහිපයක මෙන්ම, කැනඩාවේත්, ව්‍යාප්ත වන වඳුරු උණ වෛරසය ඇමෙරිකාවට පැමිණ ඇතැයි අමෙරිකානු වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය පසුගියදා නිවේදනය කර තිබේ.

මෙම වඳුරු උණ වෛරස් රෝගය පැපොල රෝගයට සමාන උණ රෝගී තත්ත්වයකි.

 මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය  පෙන්වා දෙන්නේ සමාජයේ වඳුරු උණ ව්‍යාප්තියක් සිදු නොවන බවයි.

එමෙන්ම මේවනවිට කැනඩාව, මහා බ්‍රිතාන්‍යය, පෘතුගාලය සහ ස්පාඤ්ඤය යන රටවල මෙම වෛරස් රෝගය පැතිර ගොස් තිබෙන බවත් පසුගිය මැයි 6 වන දින මහා බ්‍රිතාන්‍යයෙන් පළමු වඳුරු උණ රෝගියෙකු හඳුනාගෙන ඇති බවත් නිවේදනයේ සඳහන්.