කටාර්හි පාරිභෝගික මිල දර්ශකය ඉහල යයි

කටාර්හි පාරිභෝගික මිල දර්ශකය ඉහල යයි

කටාර්හි පාරිභෝගික මිල දර්ශකය (CPI) පෙර මාසයට සාපේක්ෂව අපේ‍්‍රල් මාසයේදී සියයට 0.29 ක වැඩිවීමක් පෙන්නුම් කළ අතර එය ඒකක 101.77 ක අගයක් වාර්තා කර ඇත.වාර්ෂිකව සසඳන විට කටාර්හි පාරිභෝගික මිල දර්ශකය සියයට 4.66 කින් ඉහළ ගොස් ඇති බව සැලසුම් සහ සංඛ්‍යාලේඛන අධිකාරිය පෙන්වා දෙයි.

2022 මාර්තු හා සසඳන විට 2022 අප්‍රේල් සඳහා දර්ශකය ඉහළ ගොස් ඇති ප්‍රධාන කණ්ඩායම් පහක් පෙන්නුම් කරයි. එනම්: “විවිධ භාණ්ඩ හා සේවා” සියයට 1.66 කින්, “ ආපනශාලා සහ හෝටල්” සියයට 1.57 කින්, “ඇඳුම් සහ පාවහන්” සියයට 1.28 කින්, “ගෘහ භාණ්ඩ සහ ගෘහ උපකරණ” සියයට 1.21 කින් සහ “නිවාස, ජලය, විදුලිය සහ අනෙකුත් ඉන්ධන” සියයට 0.94 කින් ලෙසය.