පසුගියදා අමෙරිකාවේ ප්‍රාථමික පාසලක සිදුවූ වෙඩි තැබීමෙන් අනතුරුව කැනඩා රජය මෙම තීරණයට සූදානම් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ගෙන ඒමට නියමිත නව නීතිවලට අනූව, ගිනිඅවි එක්වරම තහනම් නොකෙරෙන අතර මිලදී ගැනීම හා විකිණීම මුලින්ම තහනම් කෙරේ. ඉන් අනතුරුව සියලුම ගිනිඅවි තහනම් කිරීමට සළකා බැලිය යුතු බවයි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සඳහන් කරන්නේ.

