කැනඩාව ගිනිඅවි තහනමට සූදානම්

කැනඩාව ගිනිඅවි තහනමට සූදානම්

ගිනිඅවි මිලදී ගැනීමට හා විකිණීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට කැනඩාව සූදානම් වෙයි.

පසුගියදා අමෙරිකාවේ ප්‍රාථමික පාසලක සිදුවූ වෙඩි තැබීමෙන් අනතුරුව කැනඩා රජය මෙම තීරණයට සූදානම් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගෙන ඒමට නියමිත නව නීතිවලට අනූව, ගිනිඅවි එක්වරම තහනම් නොකෙරෙන අතර මිලදී ගැනීම හා විකිණීම මුලින්ම තහනම් කෙරේ. ඉන් අනතුරුව සියලුම ගිනිඅවි තහනම් කිරීමට සළකා බැලිය යුතු බවයි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සඳහන් කරන්නේ.

ඊයේ දිනයේ ඊට අදාළ පනත් කෙටුම්පත කැනඩා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. නව නීතියට අනූව පුද්ගලික භාවිතය සඳහා ගිනිඅවි ආනයනය ද ඉදිරියේ දි තහනම් කිරීමට නියමිතයි.