කුවේට් කතක් සිය දියණියගේ සිරුර වසර 05ක් වැසිකිළියේ සඟවලා

කුවේට් කතක් සිය දියණියගේ සිරුර වසර 05ක් වැසිකිළියේ සඟවලා

කුවේට් කාන්තාවක් මියගිය තම දියණියගේ මළ සිරුර වසර පහක් නිවසේ සඟවාගෙන සිටි පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

දියණියගේ සිරුර වැසිකිළියක නරක් වී තිබියදී සොයා ගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීමෙන් පසු මව පාපොච්චාරණය කර ඇත්තේ දියණිය බිම වැටී මියගොස් සිටිනු දැක නීතිමය දඬුවමට බිය වූ නිසා මළ සිරුර සඟවා තබාගත් බවයි.

ඝාතනයට ලක් වූ දියණියගේ සහෝදරයෙකු තම මවට එරෙහිව සාක්ෂි දෙමින් ප්‍රකාශ කර ඇත්තේ තම සහෝදරියව නිවසේ කුඩා කාමරයක සිරකර ඇයට හිරිහැර කළ බවත් ඇයගේ හැසිරීම පාලනය කිරීමට මව උත්සාහ කළ බවත් ය.

අදාළ සිද්ධියට වරදකාරිය වු කාන්තාවට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබාදීමට අධිකරණය නියෝග කර ඇති අතර මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර මරණීය දණ්ඩනය ඉල්ලා සිටින බව නීතීඥයින් පෙන්වා දී ඇත.